Uncategorized – TestMagazine https://testmagazine.sharaexcel.link Tue, 22 Apr 2025 06:01:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=7.1.4 https://testmagazine.sharaexcel.link/wp-content/uploads/2023/10/cropped-header2test-32x32.jpg Uncategorized – TestMagazine https://testmagazine.sharaexcel.link 32 32 test PDF https://testmagazine.sharaexcel.link/2023/10/30/test-pdf/ Mon, 30 Oct 2023 18:41:56 +0000 https://testmagazine.sharaexcel.link/?p=197

[embed_pdf id=”195″]

]]>
Book – test https://testmagazine.sharaexcel.link/2023/10/16/test1/ Mon, 16 Oct 2023 10:28:52 +0000 https://testmagazine.sharaexcel.link/?p=100

Open Book

]]>
අලි ඇතුන් වෙනුවෙන්…. https://testmagazine.sharaexcel.link/2023/10/15/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Sun, 15 Oct 2023 23:12:54 +0000 https://testmagazine.sharaexcel.link/?p=84

Image from www.freepik.com

මේ ගැන ලියන්නම ඕනේ කියලා හිතුනේ සැරෙන් සැරේ මතුවෙන කතාබහත් එක්ක. මෙහෙම ලියා දෝෂ දර්ශනයට ලක් වුණාට සමහර විට ඔබට නොදන්නා කාරණා මේ තුළින් දැනගැනීමට හැකි වෙයි. මේ ලිවීමට හේතු වෙන්නෙ ද මා සමාජ මාධ්‍යය තුළ නොයෙක් තැන් වල දකින්න ලැබුණු ගෘහාශ්‍රිත අලි ඇතුන් පිළිබඳව ඇති සමාජ ආකල්ප සහ හැසිරීමයි.

වන අලි හිංසනය පිළිබඳ දුක් වෙන පිරිසම මිනිස් වාසයෙ හැදෙන අලින් පිළිබඳව පස්වනක් ප්‍රීති ඝෝෂා සිදු කරන්නේ කෙසේද කියන උහතෝකෝටිකය මා මේ ගැන ලියන්නට පෙළඹවූ කාරණාවයි. අපි ලංකාවට ගිය වෙලාවේ හිතවතුන් පිරිසක් කතා කර තිබුනා යාල වනෝද්‍යානය නැරඹීමට. අපේ ගෙදර මම සැමියා සහ දරුවා කතා බහ කර වටහාගෙන තියෙන අපේ ප්‍රතිපත්තියක් තමා අපි සත්ත්ව උද්‍යාන නැරඹීම, අස්ව අලි වැනි සතුන් පිට යෑම ආදියෙන් පටන් ගෙන ගෙදර සතුන් සුරතලයට හෝ සතුන් ගාල් කරන්නේ නෑ කියන එක. වනෝද්‍යාන තුලට ගමන් කර අහිංසක වන සතුන්ගේ ජීවිත නිදහසට බාදා කිරීම වැනි දේවල් ගැන අපි ඒකමතිකව සාකච්ජා කර සහභාගි නොවන බව තීරණය කර තිබෙනවා. මේ නොයෙක් රටවලදී වුණත් අශ්වයන් පෝනියන් පිටේ යන්න තියෙන අවස්ථා අපත් දරුවාත් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒ වටහා ගැනීම නිසයි.

දැන් අපේ හිතවතුන්ට කීවාම අපි සත්තව හිංසනය අකමැතියි කියා ඔවුන් එවිට කීවේ සත්තු බලන්න යන එකෙන් මොන හිංසනයක් ද කියල. ඒ තමා අපේ රටේ ජන සමාජයේ වටහා ගැනීම. මිනිස් ශිෂ්ටාචාරය දිහා බැලුවොත් හිංසනය පිටු දැකීම නොයෙක් ආකාරයෙන් නොයෙක් කාල තුළ ප්‍රචාරණය වෙලා තියෙනවා. දඩයම් යුග වැදි යුග පසුකරමින් අපි දැනුමෙන් වගේම ආකල්ප අතින් ද වනචාරි නොවන යුගයකට ඇවිත් තියෙනවා. කිසිවෙකුට හිංසා නොකරන්න යැයි කියවෙන අවිහිංසාවාදි දර්ශනයක් පසුව ආගමක් ලෙස ප්‍රචාරණය වුවද දිනපතා ප්‍රාණ ඝාතය නොකරමි කියා ශික්ෂා පද කියනා අප ඇත්තටම හිංසනය ගැන සබුද්ධිකව සිතා බලනවාද ?

ගෙදර හදන බල්ලා පූසා ගැන අපි බොහෝම ආදරයක් දයාවක් තිබෙනවා. බල්ලො පූසෝ ආහාරයට ගන්නා ජන සමාජ කෙරෙහි අපේ නොපහන් බව පෙන්වනවා. ඒවගේම තමා සත්ත්ව මාංශ ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස දකිමින් මස් මාංශ ආහර වේල්වල සුලභව භාවිතා වෙනවා. එනමුත් එය හිංසනයක් ලෙස දකින පිරිස ඒවා ආහාරයට ගැනීමෙන් වැලකී සිටිනවා. මෙලෙස මම ලියන්නේ දැන් මා ඊළඟට කියන්න යන දේ එක්කත් whataboutism කියා ඉංග්‍රීසියෙන් හඳුන්වන “ ඇයි එහෙනම් මේවා පෙනෙන්නේ නැද්ද” කියා ඇඟිලි දිගු කරන තමන්ගේ මනස දිහා හැරී නොබලන පිරිසක් ඉන්න නිසා.

අද ලියන්නේ අලියා ගැන. මම පාසැල් ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නේද ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳවයි. එය එම වසරේ පාසැලේ සිදු කළ ව්‍යාපෘති සටහන් අතරින් හොඳම එක ලෙස බුහුමනට ලක් වුණා. ඒත් දශක දෙකකට වැඩි ඒ කාලයේදි මම හිතාගෙන හිටියේ ඉදිරි අවුරුදු වල ලංකාවේ අලි මිනිස් ගැටුම විසඳන්න හැකි වේවි කියලා. ඒත් අදත් කෝච්චි පාරවල් මහ පාරවල් වලට අලි පැනලා අලින්ටත් මිනිසුන්ටත් තුවාල සිදුවෙන එක මොන තරම් කම්පනයක් ද ?

මේ ලිවීමට ප්‍රස්තුතය සපයන්නේ නිවෙස්වල හැදෙන අලි හෙවත් domestic elephants ලා තවමත් ඉන්න ශ්‍රී ලංකාවේ විවිද මිනිසුන්ගේ මනෝභාවයන්. සමහරුන්ට එය මහත් වූ අභිමානයක් ලෙස දැනුන ද ඒ පිටු පස තිබෙන සත්ත්ව හිංසනය නැමැති සාධකය සබුද්ධික ප්‍රජාව වෙත පෙනෙනවා. එනිසා එවැනි glorification හෙවත් උත්කර්ශයට නැංවීම වෙනුවට, කැලේ ඉන්න අලි මිනිස් වාසයෙ හදන එක සත්ත්ව හිංසනයක් ලෙස දකින්න හැකි වුණු අයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා.

වන අලි කැලැවලින් එළියට අරගෙන හීලෑ කරගෙන අන්දවාගෙන සර්කස් සංදර්ශන පෙරහැර ගෙනියන එකත් කොටන් අදින එකත් ගෙවල් වල හදන එකත් සාමාන්‍යකරණය වෙන්න හේතුව අපේ ජන සමාජයේ තවමත් එය හිංසනයක් ලෙස දකින්නට අසමත් වීමයි. මා කුඩා කල කියවූ පොතක් වන ” පනාමුරේ ඇත් රජ” පොතේ ඇත් අලි ගාල් කරවන හැටි වද දී ඔවුන් හීලෑ කරන හැටි ගැනත් ඒ දේවල් මහත් අහලදයෙන් වැළඳ ගත් එකල උසස් කුලවත් සමාජය ගැනත් බොහොම අප්‍රසන්න අප්‍රිය හැගීමක් ඇති කළා.

ලෝකයේ වන සත්ත්ව ස‍ංරක්ෂනය වෙනුවෙන් දැඩි ලෙස කැපවී ඇති WWF හෙවත් ලෝක වන සත්ත්ව අරමුදල මගින් 2018 දි ප්‍රකාශනය ට පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ ආසියානු අලින් 50 000 ක් පමණ මේ ආසියාව පුරා සිටින බවයි. එයින්ද 50% ක් ඉන්නේ ඉන්දියාවේ. ඔබට මේ සම්බන්ද ලින්ක් එක අවසානයට මා එකතු කර ඇත.(1)

ඇත් දළ දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් දශක කිහිපයක් පුරා අලිගහනය අඩු වීම හේතුවෙන් වන අලි දැන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවියෙක් ලෙස ලැයිස්තුගත කර ඇත. අප්‍රිකානු සැවානා අලියා IUCN රතු ලැයිස්තුවේ දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති විශේෂයන් ලෙසද ලැයිස්තුගත කර ඇත. ආසියානු අලියා ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවද එය දැන් අප්‍රිකානු අලින්ට වඩා වැඩි තර්ජනයක් බවද සඳහන් කර ඇත. (3)

මව් ඇතින්න මරා පැටවුන් හොරා ගන්නා බවට ඇතිවූ කටකතා පුවත් ඔබට මතක ඇති. පන්සල් වල ඔහේ ඇතැර යන පැටවුන් ගැන කතා පුවත් ඔබ අසා ඇති.

වනයේ නිදහසේ සැරිසරන අලියෙක් දවසකට කිලෝමීටර 195 ක් පමණ ඇවිදින්න හැකි බවත්, මේ ව්‍යායාමය ඔවුන්ට අත්‍යාවශ්‍ය බවත් සත්ත්වයින් පිළිබඳ තොරතුරු දක්වන සටහන් ගෙන හැර පායි (2, 3)

වනයේ සිටින අලි සාමාන්‍යයෙන් දිනකට සැතපුම් 40ක් පමණ පයින් ගමන් කරයි. නිරන්තර ව්‍යායාම මෙම සතුන්ගේ සෞඛ්‍යයට ඉතා වැදගත්. මන්ද ඔවුන්ගේ විශාල ශරීර බර ඔවුන්ගේ සන්ධි සහ අස්ථි මත විශාල පීඩනයක් ඇති කරන නිසා.

ගෘහස්ත අලින්ට එවැනි ඇවිදිල්ලක් ලැබෙනවා ද ? ඔවුන්ට එසේ ප්‍රමාණවත් ව්‍යායාම් නොලැබීමේ ප්‍රතිවිපාක අලි ඇතුන්ට බොහෝ විට මාරාන්තික බව මේ පත්‍රිකා සඳහන් කරනවා. ගෘහස්ත අලි ඇතුන් නිතර දම්වැලකින් බැඳ ඇති අතර කොන්ක්‍රීට් වැනි තද පෘෂ්ඨ මත ජීවත් වීමට ඇවිදීමට සිදුවේ. එවැනි හරි ව්‍යායමයක් සහ නිදහස් හැසිරිමක් නොලැබීමෙන් ආතරයිටිස්, පාදවල තුවාල, සැරව ගෙඩි ඇතිවීම සහ අනෙකුත් නිදන්ගත පාද සහ සන්ධි ගැටළු ඇති කරයි. ශරීර උෂ්ණත්වය පාලනය කරන්නේ ඔවුන්ගේ සමයි. නිතර ජලාශ්‍රිත ව සිටීමට ප්‍රිය කරයි. එහෙත් ගෘහාශ්‍රිතව ඔවුන්ට අවශ්‍ය දෑ ලැබෙනවා ද?

අපේ අලි ඇතුන් ගැන වගවන වගකියන විද්‍යාත්මක ඉගෙනීමක් සහිත ඕනෑ කෙනෙක් මේ කාරණා අපටත් වඩා හොඳින් දන්නවා ඇති.

එනිසා මේ වෙනකොට ඔබට වැටහෙන්න ඕනෙ අලි ඇතුන් වනයෙන් පිටතට රැගෙන ඒම සහ නොයෙක් මානව ක්‍රියාවලට ඔවුන් යොදා ගැනීම මොන තරම් ප්‍රාථමික හිංසාවාදී ක්‍රියාවක්ද කියන එක. දැන් ලෝකයේ බොහෝ අය උනන්දු වෙන්නේ සතුන් ඔවුන්ගේ සාමාන්‍ය පරිසරයේ ජීවත්වීමට සැලැස්වීම ගැනයි.

මෙතනදි බොහෝ අලි ඇතුන්ගේ සුභසාදනය ගැන වදවෙන පිරිස් මන්තරයක් වගේ මතුරන මේ සංස්කෘතික අංගයන් විවේචනයට ලක් වීම වැලැක්විය නොහැකියි.සංස්කෘතික අංගයන් කියන දේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා. සියළු සත වෙත මෛත්‍රීය පතුරන අවිහිංසාවාදී දහමක් අනුව පිහිටියේ නම් අනුගමනය කරන්නේ නම්, ඒ මග යන්නේ නම් අපට කිසිවෙකුට හෝ කිසිඳු සත්ත්වයෙකුට හිංසාවක් කරන්න බැරි විය යුතුය. අප කැමති ආකාරයේ නිදහස් ජිවිතයක් අන් සතුන්ටද තිබිය යුතුයි.

එක පැත්තකින් එය අපි ඉස්කෝලෙ නොවේ ගෙදර ඉඳන්ම උගන්වන්න ඕනේ. කොයි දරුවාත් දරුවෙක්… කොයි සත්වයත් හිංසනයට අකමැති කියලා අවබෝධය අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. මේ ලියන මම රටවල් කිහිපයක ජීවත් වුණත් ඒ කිසිවක දී හෝ ලංකාවේදී මගේ දරුවා සත්ත් ව උද්‍යානයකටවත් නොගෙනිච්ච කෙනෙක්. මීට කළින් මේ සම්බන්දව දීර්ඝ ලෙස ලියා තියෙන නිසා ඒ ගැන ලියන්නෙ නෑ (4 ලින්ක් එක).

මිනිස්සු ශිෂ්ට සම්පන්න හෝ අහිංසාව පදනම් කොට ගත් බෞද්ධ දර්ශනය පිහිටා කටයුතු කළ යුතුයි.

එහෙනම් කුකුලාද එළුවාද අශ්වයාද අලියාද ඇතුළු සියළු සත්ත්වයින් ම මේ හිංසා පීඩාවෙන් මිදිය යුතුයි. එසේ සිතන මිනිසුන් ඉන්නා බව ඔබ දන්නවා ද ? එහෙම හිතලා Vegan හෝ vegetarian වූ පිරිස් ඉන්නවා.

මගේ මී මුත්තන්, මී හරකුන් යොදවා කුඹුරු කරන්න ඇති, ඒත් ට්‍රැක්ටර් ආවාම ඒ සතුන් ඉවත් කළා. අදටත් අපේ ගමේ ලොකු අප්පච්චි හෝ වෙනයම් නෑයෙක් සතුව හරකා බාන හිමි නෑ. ඒ කාලේ මී හරකුන් ඉබේ පහළ වුණේ නෑ ඔවුන් ද කැලෙන් අල්ලා ගත්තේ කියා මම ඉතිහාස පොත් වල කියවා තියෙනවා. ඒවගේම JCB වැනි යන්ත්‍රෝපකරණ ආ පසු අලි ඇතුන් යොදවා කොටන් ඇදීම බර වැඩ කිරීම සිදු නොකර ඉන්න බොහෝ පිරිස් වග බලා ගත් බව මා කියවා තිබෙනවා. ඒක තමා දියුණු මානව ශිෂ්ටාචාරයක ලක්ෂණ. සංස්කෘතියක පවත්වාගෙන එන සිරිත් විරිත් සහ නොයෙක් අංගයන් වුනත් හිංසනය නම් දේ වටහාගත් පසු නොකර ඉන්න එකයි ගුණවත් කම. හරියට ඇතැම් ආගම් වල එන ලිංගාශ්‍රිත චර්ම ජේදනය නම් චාරිත්‍යය වගේ. හරියට, ඉස්සර කාලේ ගැහැණු උදවිය ඉවසාගත්,මහත් පීඩනයට ලක් වූ ගෘහාශ්‍රිතව සිදුවන හිංසා වගේ, ඒවා මේ වෙනකොට gender based violence domestic violence ලෙසින් හඳුනාගෙන හිංසාවන්ට විරුද්ධව නීතිරීති පවා හැදී තිබෙනවා. රටවල ඇත් අස් සේනා හිටියේ ඉස්සර දැන් ඒ වෙනුවට වාහන් යාන්ත්‍රික දේ විකල්ප දේ සොයාගෙන තියෙනවා. ඒවායෙ භාවිතය සමඟ ඇතුන් අශ්වයින් ගාල් කිරිම බෝ කිරීම පුහුණු කිරීම වැනි දෑ අපහසු වීමත් හිංසාකාරී වීමත් යන කරුණු මූලික අරගෙන ඒ සත්ත්ව සේනා වල පැවැත්මද නැවතුනා.

මිනිසා දැනුමෙන් බුද්ධියෙන් පමණක් නොවේ මානවීය ගුණයෙන් පරිපූර්ණ වෙද්දී කිසිවෙකුට හිංසාවක් කරන්න පෙළඹෙන්නේ නෑ. බුදුන් වහන්සේ වදාලේද මේ අවිහිංසාවාදී දහමයි. අපිම මේ හිංසනය වටහා ගන්නකම් ඒ දේ හිංසාවක් ලෙස පෙනෙන්නෙ නෑ.

දැන් මිනිස්සු ශිෂ්ට සම්පන්න හෝ අහිංසාව පදනම් කොට ගත් බෞද්ධ දර්ශනය පිහිටා කටයුතු කළ යුතුයි. අද වෙන විට වනය පවා වන සතුන්ට අනාරක්ෂිත වී තිබෙනවා. ඒවාට වගකිවයුතු වෙන්නේද පත් වන පාලන තන්ත්‍රයයි. අලි ඇතුන් නිදහසේ සැරිසරනා වනපෙත් අලිමංකඩවල් නගර ගම් ගෙවල් බවට පත් කරගෙන ඇති නිසා ඔවුන් සුපුරුදු සැරිසැරීම අතර තුර දුම්‍ රිය මාර්ග, මහා මාර්ග අතර ඇවිද අනතුරට ලක්වෙනවා. දිගින් දිගටම කතා කළ යුතු… පිළිතුරු සෙවිය යුතු මාතෘකාවක් හෙයින් මේ කතාව ආරම්භ කළේ. අපේ දරුවන් හට සහවේදනය ඇති සොඳුරු මිනිසුන් වෙන්න උගන්වමු. එතකොට අපේ ඉදිරි පරම්පරාවල කාලයේදී වත් වන සත්ත්ව හිංසන වලකා ගත හැකි වෙනු ඇත.

සංවේගයෙනි

වෛද්‍ය බෝධිනී සමරතුංග

1.https://www.worldwildlife.org/…/the-status-of-asian….

2.https://www.preprints.org/manu…/202012.0271/v1/download….

3.https://www.lcanimal.org/…/elephants/wild-vs-captive

4.https://m.facebook.com/story.php?story_fbid=637601958373415&id=100063708490853&mibextid=Nif5oz

Image credit – freepik.com

]]>
මිහි මඬලේ දරුවෝ https://testmagazine.sharaexcel.link/2023/10/14/%e0%b6%b8%e0%b7%92%e0%b7%84%e0%b7%92-%e0%b6%b8%e0%b6%ac%e0%b6%bd%e0%b7%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d/ Sat, 14 Oct 2023 22:01:49 +0000 https://testmagazine.sharaexcel.link/?p=21
ECOSYSTEM

මිහි මඬලේ දරුවෝ

මේ ලෝකේ පවතින්නේ සොබාදහම නිසා. පොඩ්ඩක් හිතන්න අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික අපිට නැති උනොතින් මොකද වෙන්නේ ඔයාම හිතලා බලන්න. වහ ගන්න අත්ලෙන් නහයයි කටයි හුස්ම ගන්නෙ නැතුව ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. ..
වනාන්තර මැද්දේ යන ගමන් එක පාර නැවතිලා ගහක පොත්තක හරි කොළයක හරි වහලා ඉන්න කුරුමිණියෙක් දැක්කම ළංවෙලා ඒ සතාට කරදරයක් නොකර බලනවා මිසක් හිරිහැරයක් කරන්න හිත් දුන්නේ නම් නෑ. පුංචි කාලෙ ඉඳලම ගහට කොළට ඇලට දොලට සතා සීපාවුන්ට පෙම් බැන්ද නිසාම… ගහ කොළ ආරක්ෂා කරන්න සෑහෙන්න කට්ටක් කන මේ අපේ අමාරුව protect the nature කුලප්පුව… කියලයි හැඳින්වූයේ. අපි චාරිකා යද්දී උනත් වලදී නීති රීති පද්ධතියක්ම තියෙනවා. මූලිකම දේ පොලිතීන් අඩංගු කිසිම දෙයක් පාවිච්චි කරන්නේම නැති තරම්. බත් මුලේ ඉඳන්ම කෙහෙල් කොළ වල ඔතාන එන්න ඕනේ. ඊට පස්සෙ බීම ..ලොකු කඩදාසි මල්ලකට ඔක්කොම පොලිතීන් අපද්‍රවය එකතු කරනවා , බැරි වෙලාවත් ගමන් කරන අඩි පාරේ පොලිතීන් කෑල්ලක් තිබ්බොත් ඒක අපි අපේ ගමන් මල්ලට. මේවා සංසාරික පැවතුම් කියලයි වැඩිහිටියෝ කිව්වේ.


The sun setting through a dense forest.
Wind turbines standing on a grassy plain, against a blue sky.
The sun shining over a ridge leading down into the shore. In the distance, a car drives down a road.

… පරිසරයට බද්ධ වෙච්ච අයට ගහකින් කොළයක්වත් මලක්වත් කඩන්න හිත් දෙන්නේ නෑ. ඒක ඒ අයට තමන්ගේම අත පය කපාගන්නවා වගේ දැනෙන්නේ… කතාව ඇත්ත මේ අදහස් නිසා මටත් ගහකින් කොළයක් මලක් කඩන්න නම් බැහැ.
මේ ගහකොළ ඇල දොල නැති වෙච්චි දවසට මේ ලෝකය කොයිතරම් මුඩු හිස් තැනක් වේවිද.

මට මතකයි ඒ කාලේ විශ්ව විද්යාලයේදී විද්‍යා පීඨයේ ශාලාවක පරිසර සංගමයේ රැස්වීම් පවා තියද්දී කෙහෙල් කොලෙන් ඔතලා කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා බත් දුන්නේ.. බීම බෝතල් වලට බීම බට දුන්නේ නෑ.. ඒවෙනුවට වීදුරු දුන්නා.. මම ඒකාලේ තර්ක කලා.. එතකොට වීදුරු හෝදන්න වතුර නාස්ති වෙනවනේ.. වතුරත් සම්පතක්නේ කියලා. ඒත් පොලිතීන් ව්‍යයසනයට වඩා වතුරෙන් හෝදලා වීදුරු පාවිච්චි කරන එකනම් හොඳයි කියලා දැන් හිතෙනවා.
හැමෝම සිරිපා කරුණා කර අවසන් වූ පසු සිරිපාදෙ නගින සංගමයේ කට්ටිය පහළට එන්නේ පොළිතීන් කුණු රොඩු ගෝනි කර බැඳගෙන. ඒක කිසිම මුදලකට යටත් නොවූ සේවයක්. “සමනළ කන්දට වඩා ලොකු පොලිතීන් කන්ද.. ” ඒ කාලේ පත්තර වල ඔහොම පළ වුනා ෆොටෝත් එක්කම.
…මහ පොළව කියන්නේ අම්මා කෙනෙක්. එයාට දඩබ්බර නොසන්ඩාල දරුවෝ වගේම බොහොම ආදරණීය දරුවොත් ඉන්නවා. අපිට අර පොඩි කාලෙ ඉඳන්ම මේවා රැකගන්න ඇම්මක් තියෙන නිසා ඒ එන අමාරුව මැඩගන්නේ නැතුව වැඩ කරන්නේ. හැමෝටම එහෙම අවශ්
යතාවයක් එන්නේ නෑනේ. අනික සැරෙන් සැරේට මිහි මඬලේ දරුවෝ එළි බහිනවා ඒ අය මේ හැම දෙයක්ම පුළුවන් විදියකට රැක ගන්න බලනවා… නමුත් මේ හැම දේම තාවකාලිකයි. කවදා හෝ මේ සියල්ල නැති නාස්ති වී යනවා.

… මේ ගඟ නිසා ඉස්සරහට මෙහෙම විනාශයක් වෙනවා.. මේ කන්ද නාය යන්නේ මේ නිසා. … ඇයි මිනිස්සුන්ට මේවා පෙනෙන්නේ නැත්තේ. …ආ අර පයිනස් ගස් වගාව නිසා අපේ රටේ කඳුකර පරිසර පද්ධතියට වෙන විනාශය ගැනත් කාලයක් තිස්සේම කියෙව්වා… වැසි වනාන්තර විකිණීම, පරිසර පද්ධති විනාශ කිරීම ගැන ඒ තැන් වලට ගිහින්ම බහින් බස් වුනු කාලයක් තිබුනා.
“How can you buy or sell the sky, the warmth of the land? The idea is strange to us.If we do not own the freshness of the air and the sparkle of the water, how can you buy them? ” Chief Seattle, 1854

]]>
ලියන්නට හිත හදා ගැනීම https://testmagazine.sharaexcel.link/2023/10/14/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b6%af%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8/ Sat, 14 Oct 2023 21:54:34 +0000 https://testmagazine.sharaexcel.link/?p=14

වෙනස් වෙන හිතක නොවෙනස් යම් දෙයක් තියේද ඉතිරිව ?
ජීවිතේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා, සමහර වෙනස් වීම් අපිට දරාගන්ට බැරි තරම් දුක උනත්, අපි ඒවාට අකමැති උනත් ජීවිතේ කොහොම හරි ඉදිරියට ගමන් කරන්න අපි උත්සහ ගන්නවා , ඒක ලෝක ස්වභාවය.

අනිත් හැමෝගෙම කරදර දුක් කම්කටොළු මගේ උර මත හෙලද්දී ඒවා දරාගෙන ඉන්නේ මට ප්‍රශ්ණ නැති නිසා නෙමෙයි. ඒත් අනික් හැමෝටම වඩා සැහැල්ලුවෙන් මම ජීවත්වෙන බව මට දැනෙනවා.

මනෝරත්න මහත්මයාගේ නාට්‍ය උළෙල පටන් ගත්තෙ ඊයෙ ජෝන් ද සිල්වා රඟහලේ ඒ යද්දි බස් එකේ හමු වුන ආච්චි අම්මා කෙනෙක් රුසියානු එම්බසිය තියෙන තැන ඇහුවා. මාත් කෝල් අරගෙන දන්න අයගෙනුත් අහලා යන හැටි කියා දුන්නා. එයා ඉඳගෙන හිටියෙ මට ඉස්සර සීට් එකක. ඉන්පස්සෙ ආයෙමත් හැරිලා එයාගේ දුක් කඳුලු සේරම මට කියවන්න ගත්තා. ඇගේ දියණියගේ දියණිය ඒ කියන්නේ මිනිපිරිය මොන්ටිසෝරි යන වයසේ දරුවෙක් ඒත් ඉගෙනුමට හොරයිලු. ඇයව විශේෂ පාසැලකට යොමු කරන්න අවශ්‍ය වුනත් එසේ කරන්න තරම් ඔවුනට ආර්ථික තත්වයක් නැති නිසා දොස්තර මහතා මේ දරුවා චිත්‍ර නැටුම් වැනි දේ වලට යොමු කරන ලෙස කියා තිබෙනවා. චිත්‍ර පන්තියක් සඳහා රුපියල් 1000 පමණවත් වැය වෙනවා ඉතින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ නොමිලේ උගන්වන පාඨමාලා ඇති නිසා ඒ ගැන අහන්න යන බවත් පැවසුවා. හැම දරුවෙක්ම එක මට්ටමින් ඉගෙන ගන්නේ නෑ අම්මේ.. මුලදී ඉගෙනුමට හොර දරුවන් පසුව හොඳින් ඉගෙන ගන්නවා. අනික හැමෝම එක වගේ හැමදේටම දක්ෂ නෑනේ. මම එයාගේ හිත හදන්න උත්සහ කරා. ගමනාන්තය දක්වා එයාගෙ දුක් කරදර පොදි සේරම ඇරලා පෙන්නුවා පිටස්තරයෙක්වුන මට විටෙන් විට එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට කඩා හැළුනා. එයාගේ දියණියත් මන්ද මානසික මට්ටමක සිටින්නියක වන අතර ආර්ථික වශයෙන් දැඩි පීඩනයක සිටින බව පැවසුවේ. ඇගේ විශ්‍රාමික වැටුපෙන් දරුවන් ජීවත් කරවන බවක් ඇය පවසා සිටියා.
මිනිසුන් කොතරම් දුක් විඳිනවාද ? එහෙම බලද්දී අපිට තියෙන කරදර මොනවද කියලා හිතෙනවා

නමුත් මා වටේ හිටපු හැමෝම කිව්වේ නොදන්නා මිනිසුන් හා කථා කරනන් යන්න එපා කියලයි… ඒත් මම මොනවා කරන්නද ඔවුන් කථාවට එනවානම්.

“සොයන හැමදේම හම්බ වේනම් අවශ්‍ය හැම දේම ලැබේනම් මිනිස්සුන්ගේ හිතට මේතරම් බලාපොරොත්තු ගොඩක් ඉතිරි නොවනු ඇත”

]]>